Friday, May 11, 2012

දතක් හිරි වැටුණා.

 දතක් හිරි වැටුණා.
දත ගලවන්න කියල ගියේ ලගම තරු 5 හොටෙල් එකට.. එක දතක් වෙනුවට දත් දෙක තුනක්ම ගලවා ගන්න උනානේ. දත ගැලවීමේ කලාව. ඩිප්ලෝමා එකක් කර ගන්න  බජාර් එකකට සෙට්  වෙමු. 
නතින් මචං ගතමන්ට් එක සෙට් වෙනවා නම්, මොන්ටිසෝරි කොල්ලෙක් හොයා ගත්තා නම් උගෙන් අහගන්න පුළුවන් හෝඩි පොත 
මොකේද සිංහලද ??
නෑ යකෝ දත ගැලවීම... අඩෝ රුපියලක් දීපන් ,අඩෝ 2 ක් දීපන් අයිස් එකක් කන්න, මටත් අරන් දීපන් මං පස්සේ උබට දෙන්නම්. 
දෙයි දෙයි බලන් හිටපන්. ඇට්ටර හුජ්ජ කොල්ලගේ ඉදන්, ලොම්පට  නාකි ලොක්කෝ දක්වා දත ගලවන පට්ට අන්ඩයෝ ඕන තරම්.
 ලංකාවට  වැඩියි.."ඒයි ඔබාමා අරන් පලයන්කෝ මෙයින් 50 ක් අරන් ගිහින් උබලගේ ප්‍රාන්ත 50 ට  දාපන්. ගතමන්ට් එක ශේප් ". හිස් වෙච්ක පුර්සේ එකක් අරන් අපු Diesent කොල්ලෙක්, අලුතින් ඉස්කෝලෙට ආපු එවුන් ලගට ඇවිත් දිග ඇරියා..
"මල්ලි අඩේ දාපන්කෝ 5 ක් මේක හිස් "..
නංගි 5 ක් .. නොදකින් ගල් මුසලයා, ඉටිකොළ ගෙම්බෝ හිගා නොකා දත ගලවපන්, තෝ දත් දොස්තරලටත් අවනම්බුවක්"..

'හලෝ මචං කොහොමද?"  
රුපියල් 5 ක් නෑ බන්. මං ගිහින් එන්නම් .
හැමදාම දත් ගැලෙව්වම වෙන්නේ දතත් නෑ ප්රෙන්තොත් නෑ ...
අර වැඩේ කරලා දෙන්නම් මෙච්චරක් ඕන, ඉස්සෙල්ල ඇඩ්වාන්ස් වැඩේ උනාට පස්සේ ඉතුරුව.
අන්න වැඩක් කර ගන්න පුළුවන් රස්සාවක්. පියන් රස්සවක් හොයාගෙන කරන්න පුළුවන් පාට් ටයිම් ජොබක්.

"මහත්තයෝ මේ දුවගේ කන ඇහෙන්නේ නෑ. අපි *******. මේ දුවගේ තාත්ත ඔත්පල වෙලා. අම්මත් නෑ. ඔපෙරතිඔන් එකට ලක්ෂ 10  ක් යනවා . අපිට කියකින් හරි ආධාරයක් කරන්න. "
ටිකට් එකේ ෆෝන් නුම්බර් එකට කෝල් එකක්..
"හලෝ ඇත්තද මේ දුවට ඔපරේෂන්  එකක් කියන්නේ (නොම්බරේ තාත්තගේ කියල තිබුනේ)
"අනේ දන්නේ නෑ පුතේ මේ ලගදී ඉදන් මේ වගේ කෝල් එනවා. අපේ ගෙදර දුවල නැනේ??...ලගදී ඉදන් මේ කරදරේ ( ඒ කතාකරන්නේ වයසක අම්ම කෙනෙක්)
දැක්ක නේද???
ඉගෙන ගනින් දැන් වත් හරියට දතක් ගලවන්න.
 



  

No comments:

Post a Comment

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...