Saturday, October 1, 2011

කොලබ සන්නිය

ඔන්න ඉතින් එකමත් එක කාලෙක හිටපු ලොවෙත් නැති හත් දෙනෙක්..කොලබ යන්න හිතුවලු..එකත් ඉතින් ලොවෙත් නැති කතාවක්, මුන් හත්දෙන හිටපු තැනත් මුන්ගේ විදියට වෙනස් කරාලු..ඒකට නම් ඉතින් 42ක් ම හිටියා...දැන් ඉතින් කොලබ සන්නිය නටන්න යන්නේ හතයි.. ඉතින් ඉන්න බවනකුත් හොයා ගත්ත කියමුකෝ..එකත් තියෙන්නේ මාරු පොට් එකක. ඒ ගැන විස්තර පස්සේ බලමුකෝ.
 මොන වෙඩිමකට ගියත් කලින් යන්ටත් ඕන, ප්ලැනකුත් තියෙන්ට ඕන කියල මොකෙක් හරි කියල ඇතිනේ..එහෙම කියපු එකෙක් නැත්නම්, ඔන්න දැන් මංම කීවා..
ඉතින් මේ කට්ටිය අරෙහෙට ගියා..කිරි අප්පට හාවෝ පැනපි කිවලු...යකෝ .....මේක මාර හුටප්පරයක්නේ?? හිටපු තැන නම් මෙහෙම හොල්මන් වැඩ නෑ..තැන තැන කට්ටිය පාඩම් කොරනවා,ඉවර උන හැටියේම වාෂ්ප වෙනවා,,,සින්දු කියන්න කෙනෙක් නෑ සෙල්ලන් කොරන්න කෙනෙක් නෑ..හනේ පව් අසරණ ළමයි මේ කිසි දෙයක් නොදැන ඔහේ පුටු රත් කර කර වේදිකාවට ගොඩ වෙන මනුස්සය කියන දේවල් වලට කටුස්සෝ වගේ ඔලුව වන වන ඉන්නවා..

හරිම සෝචනීය තත්වයක්..අර "චතුවා" නිතර කියනවා වගේ "ඇඩෙනවා තනි ඇහැට".. 
මේ විදින දුක නැති කරන්න හිතාගෙන කොලබ ගොඩ නගන්න .දියුණු කරන්න තියන පහසුකම් වැඩි දියුණු කරන්න  අපි අලුත් වැඩ පිළිවෙලකට ඇත ගහන්න හිත ගත්ත.
ඒවා ඉතින් අවට ගියාට කොරන්නත් බෑ..මොකෝ මුන්ව වෙනස් කොරන්ට ඉතින් ටිපෙට්ස් ගාලම මකන්න වෙයි.. මේක ඉතින් කෙටි කාලින  චන්දෙ බලාගෙන කරන එකක් නෙවේ ඉතින්...
හෙන ලොකු "ප්‍රොජෙක්ට්" එකක්..එහෙම කීවට අර අපේ "ෆයිනල්" එක වගේ එකක් එහෙම නොවේ ඔන්න..

එහෙනම් මෙන්න මේකයි ප්‍රතිපත්ති මාලාව..

01.සියලුම දෙනාට විනෝදමත් පරිසරයක් ගොඩ නන්වන්නෙමු . ඒ සදහා ගතයුතු ක්‍රියා මාර්ග ක්ෂණිකව ක්‍රියාත්මක කරන්නෙමු.
02.සියලුම ක්‍රීඩකයින් හට අලුත් ක්‍රීඩාවක් ලෙස බූරුවා ගැසීම සහ ඕමි ක්‍රීඩාව හදුන්ව දෙමු.ඒ සදහා කියවීම් ශාලා සහ ආපන ශාලා පිළිසකර කරන්නෙමු.
03.ලැප්ටොප් හරහා නව බයිස්කෝප්, සින්දු සහ ටි වී සිරිස් බෑ ගත කිරීමට අදාල "ලින්ක්" ලබා දෙන්නෙමු.
04. පඩි පෙළවල් මත වැඩි වී සිටීමට දිරි ගන් වන්නෙමු .
05.මසකට වරක් වත් අසල පිහිටි පිට්ටනියකට ගොස් සෙල්ලම් කරීමට අවකාශ සලසා දෙන්නෙමු.
06.විශේෂ ක්‍රීඩා තරගා වලි හා උත්සව අවස්ත සංවිදානය කිරීමට දිරි ගන්වන්නෙමු.
06.බාහිර කටයුතු වල වැඩි පුර යෙදිමටත් විබාග කටයුතු නිසි පරිදි සැලසුම් කිරීමටත් පුහුණුවක් ලබා දෙන්නෙමු.
07.තවද සියලුම පිරිමි ළමයින්ට "අපි" ආකාරයේ හැසිරීම් රටාවක් හුරු කර වන්නෙමු.
08.නිදැල්ලේ ගැවසීම හා නිකරුනේ කාලය ගත කරන ආකාරය ගැන මන වැටහීමක් ලබා දෙන්නෙමු.
09.පිස්සු හැසිරීම් රටාවක් හුරු කිරීමට කෙටි කාලින පුහුණු පාටමල අරබන්නෙමු.
10.තමුන්ගේ ගෙදර මෙන් හැගෙන පරිදි සියලුම බාහිර කරදර හා බලවේග නිහඩ කර වන්නෙමු....

මෙම දස වැදෑරුම් ප්‍රතිපත්ති  මාලාව ඔස්සේ  කොලබ , නුවර බදු සුරපුරයක් කිරීමට දිවිහිමියෙන් කැපවෙන බවට දිවුරා පොරොන්දු වෙමු.
අවවාදයයි:ලගදීම කොලබ සන්නිය නැටීම අරබනු ඇත...සුදා නම් වී සිටින්න.


12 comments:

  1. පට්ට දස වැදෑරුම් මාලාව Jerry යෝ..... නුවර වෙනස් කරා‍වගේ කොලඹත්‍ වෙනස් කිරිමට යන ඔබලා 7/42 දෙනාට මාගේ උණුසුම් සුබපැතුම්.....

    ReplyDelete
  2. අනේ වාසනාවන්, මේවා චන්ද පොරොන්දු නොවී එයාකාරයෙන්ම ඉෂ්ට සිද්ද කරලීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා......

    ReplyDelete
  3. හරියට හරි...විය යුත්තේ ඔකම තමා...එහෙනම් තිස් තුන් කොටියක් දෙවි දේවතාවුන්ගේ සරණින්...සන්නියට ජයම වේවායි පතමි...

    ReplyDelete
  4. ඇඩෙනවදත් අහනවා තනි ඇහැට.. මචං.. අපි කලින් දවසේ දැක්ක තවත් දුර්වලකමක් තමා උන් විභාග ලියද්දී කිසි සහයෝගයක් නැති කම. ඒකටත් පිලියමක් යොදන්න වෙනවා.. :D :D

    ReplyDelete
  5. කවුද චතුව කියන්නෙ අර බ්ලොග් ලියන චතුව ද?

    ReplyDelete
  6. නෑ වෙන එකෙක්ලු. මං කොහෙද මෙයා ඕවට? මං මේ අහිංසක කොල්ලා..

    ReplyDelete
  7. ආ එහෙමද,මම් හිතුව ඔයා කියල

    ReplyDelete
  8. hah haha... maru maru... math enawa help ekata.. heta idan balamuko... mehe inna bakamuno tika wenas karai da me 7 dena... :D :D :D mun ipadilaa thiyenneth IT gaagena bolawu... eka nisa pissu natala puruddak na.. :D :D :D

    ReplyDelete
  9. කරුණාවෙන් දැනුන් දෙන වගයි... 7 දෙනාගෙන් එකෙක් හරි මට පැණි වළලු ගෙනත් දේ කෝ... මං පවු නේ.. අර මෝඩ චතුවට බැ ලු... :( :( :( එකට පෙන්න කන්න මට කවුරු හරි පැණි වළලු ගෙනත් දෙන්නෝ... ඉහි ඉහි ඉහි....

    ReplyDelete
  10. උඹට දොලදුකද නගේ?

    ReplyDelete
  11. ඒ වගේ එකක් බං අයියේ... ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.... ඒවා ගෙනත් දෙන්න බැ එනවා මෙතන ප්‍රශ්න අහන්න නං... උස්සලා ගහනවා පොළොවේ අලි....

    ReplyDelete
  12. අඩේ.. මාරයිනේ.. එච්චර දියුණුද දැන් ඈ?

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...