Friday, June 10, 2011

බුවා...


මං පොරගේ නම දන්නේ නෑ. දැන ගන්න ඕනෙත් නෑ.දැනගත්ත කියල වැඩකුත් නෑ.කොහොමත් මේ කතාවේ මං උට කියන්නේ බුවා කියලා. බුවා කියන එකේ තේරුම හරියටම දන්නේ නෑ.එත් අමුතු වැඩ කරන සිරා පොරවල්ලට අමු සිංහලෙන් දැන් කියන්නේ බුවාලා කියලා. අමු සිංහල ගැන එහෙම මගෙන් අහන්න එපා.
මේ කතාවේ කතා නායකයා බුවා. බුවාගේ වයස 40 ක් විතර ඇති. ජොබ් එකක් කරනවා ඇති.ඇදගෙන යන විදියට ඒ වගේ පේනවා.පොරගේ පව්ලේ විස්තර දන්නෙත් නෑ.ඒවා මෙතෙන්ට වැඩකුත් නෑ.මේ බුවාට bike එකක් නෑ.මං එහෙම එකක් දැකලම නෑ. හැබැයි bike එකක් නෑ කියලා මිනිහා සැලෙන්නේ නෑ.පොර කවදාවත් බස් එකේ ජොබ් එකට යන්නෙත් නෑ. හැම වෙලාවේම හෙල්මට් එකක් නම් අතේ තියෙනවා.
ඒක මහා ලොකු දෙයක් නෙවේ තමා.මොකද කව්ද දන්නේ එය වෙන කෙනෙක් එක්ක bike එකක හැමදාම එනවද කියලා?.
ඔව් එහෙම තමා.
හැබැයි හැම දාම යන්නේ වෙන වෙන bike වල. මෙන්න මේකයි සිරා සිද්දිය.
 මිනිහ හැමදාම එනකොට හෙල්මට් කට්ටක් අරන් එනවා.ඇවිත් ටවුම පහුවෙනකන් පයින් ගිහින් පාරේ එන bike එකකට අත දානවා .හෙල්මට් එකකුත් තියන හින්ද කවුරුත් මිනිහව දාගෙන යන්න අදි මදි කරන්නේ නෑ.බුවත් නිකන් bike එක කැඩිච්ච අසරණ අනාථ බුවෙක් වගේ රගපානවා. මාර බුවෙක්නේ මු....
මේවා දැකපු ගමන් මගේ මේ ගොන් මොලෙටත් ඔය අදහසම ආවා. ඒ උනත් තව බුවෙකුගේ ගමනාගමනය අවහිර කරන කැත බුවෙක් නෙවේ මම.
ඒ හින්ද ටාර් ගාලා ඒ අදහස හිතෙන ඉල්ලා අස් කර ගත්ත...

මතු සම්බන්දයි..

4 comments:

  1. අපේ ලංකාවේ අනුන්ගෙ පහනින් එලිය බලන කීදෙනෙක් ඉන්නවද ....
    ඔය ගතිය අරින්න බැහැ .........

    ReplyDelete
  2. හික්.. මේ වගේම බුවාලා ගොඩක් බිහිවෙයි කියලා මම හිතුවේ උ‍ඹ මේ කතාව අපිට මුලින්ම කිවුව දවසේ..

    ReplyDelete
  3. මාර මිනිස්සුනේ ඉන්නෙ හික්z

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...