Saturday, June 11, 2011

හිමි නැති හීනය.........

හිරිකඩ හීතල හීන පුරෝ ගත්
හිරිමල් හිත ලඟ හීසර වැදිලද
හිමිදිරි අහසේ පායන හිරු සේ
හෙමිහිට හෙමිහිට හිනහෙන්නෙ………
හිමකර නැගෙනා හැන්දෑවක හිඳ
හිමි නැති හීනෙක සෙනෙහස විද විද
හීන මාලිගා හිතු සේ හද හද
හිතුවක්කාරෙට හිනැහුනු හින්දම……..
හීන බිඳී ගොස් හිස් උන හිත ලග
හඩනා කඳුලක උනුහුම හන්ගන්
හිස් අකාහෙට හූල්ලනකොට
හීන කියන්නෙ හීනයක්ම බව
කොහොමද හිතකට හඟවන්නෙ………………..

4 comments:

  1. ඇත්තටම සැබෑ ලෝකෙට වඩා හීන ලෝකවල ජීවත් වෙන්න මිනිස්සු ඔය තරම් කැමති ඇයි ......

    ReplyDelete
  2. අනෙහ්! අපි දකින හීන! සැබෑ වුනොත් ඉතින්.....

    ReplyDelete
  3. කැමති දේවල් හීනෙන්වත් කරන්න තියනවනම්....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...