Wednesday, June 15, 2011

ඔටුවා...


ඔන්න ඔටුවෙක් යනවලු ගමනක්.තනියම නෙමේ අයිතිකාරයත් එක්ක. මේ දෙන්න යන්නේ කාන්තාරයක් හරහාලු. ඒකෙ මේ වෙලාවේ යන්නේ ඒ දෙන්න විතරලු. මේ යන ගමන් ඔටුවා අහනවලු. "අපි ටිකක් නතරවෙමු බබා, මට ටිකක් මහන්සියි කියල". මේක අහපු ගමන් අයිතිකාරයට තද උනාලු."ඇයි යකෝ අපි දැන්නේ යන්න පටන් ගත්තේ තමුසෙට එන්න බැරි නම් යනවා මන් වෙන ඔටුවෙක් හොයා ගන්නම්" කියල බොහොම සැරෙන් උත්තර  දුන්නලු. මේක ඇහුන විතරයි ඔටුවටත් අම්බානක මල. ඇයි යකෝ මගේ පිටෙත් නැගල යන ගමන් මටත් බනිනවනෙ...
   ඔටුවා එත් හිතුව මං මෙතන කෑ ගැහුවොත් මාව මෙතන දල වෙන ඔටුවෙක් හොයගනියි. එහෙම උනොත් මං අනාතයි. කොච්චර කට්ටක් කාලද මෙහෙම කෙනෙකුට වත් සෙට් උනේ... කමක් නෑ ඔන්න ඔහේ  කියන දෙයක් අහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.
මෙහෙම හිතුව ඔටුවා බොහොම අමාරුවෙන්  අයිතිකාරයත් එක්ක දිගටම යන්න ගියා. මගදී තවත් ඔටුවෙක් එක්ක යන අයිතිකාරයෙක් හම්බ උනා. ඒ අයිතිකාරයා නම්  හරිම ආදරෙන් ඒ ඔටුවට කතා කරනවා.ඔලුව අතගානවා. මහන්සිද අහනවා. බොහොම ආදරෙන් සලකනවා.
මේ ඔටුවට නිකන් ඉරිසියයි වගේ.. අනික ඒ අයිති කාරයත් මාර ලස්සනයි. ඔටුවත් කට අරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. මාරයි මේ වගේ අයිති කාරයෙක් වත් මට හිටිය නම්. කොහෙද ලස්සනට හිටපු එකකට නේ මාත් රැවටුනේ.  මේක කව්ද කියල දැන්නේ දන්නේ.දැන් ඉතින් මොනවා කරන්නද?. ඔටුවා කැදරෙන් මේ දිහා බලාගෙන් ඉන්නවා දැකපු අයිති කාරයා බෙරිහන් දෙන්න ගත්තා.
"තමුසේ ,තමුසේ මහා ජරා ඔටුවෙක් !! මෙච්චර කල් මං ගාවට වෙලා ඉදල වෙන ඔටුවොත් එක්ක යන අය දිහා බලන් ඉන්නවා,මං ගැන වත් හිතුවද... තමුසෙලා වගේ ඔටුවන්ට අපි සලකනවා වැඩියි .... තමුසෙත් එක්ක ඉන්න මට බෑ.. මං වෙන ඔටුවෙක් හොයා ගන්නවා. තමුසේ ඕන දිහාවකට යනවා"...
මෙහෙම කියල තරහින් පුපුරා පුපුරා යන්න ගියා.
*****************************************************************************************************************************
මෙන්න මෙහෙම කාලයක් ගියා. මේ ඔටුවත් රැවුල වවාගෙන බූට් සින්දු කියා කියා කාලයක් ගත කරා. දවසක් ඔටුවා කෙනෙක්ව දක්කා. ඒ දැකපු ඔටුවට හැම දෙයක්ම  අමතක උනා.
එයා නම් මරයි....
මට නම් හිත ගන්නවත් බෑ... ඔටුවා ගේ   කටෙන් පිටවුනේ.....

අනේ මට එයාගේ "ඔටුවා" වෙන්න ඇත්නම්....


3 comments:

  1. දැළි පිහි කතාවක්නෙ බං... ඔය ඔටුවොයි උන්ගෙ අයිතිකාරයොයි ඔහොම්මම තමයි!

    ReplyDelete
  2. ඌප්ස්! ඔටුවා... :D

    ReplyDelete
  3. ඔටුවා අයිතිකාරයො ගොඩකටයි, අයිතිකාරයා ඔටුවො ගොඩකටයි කැමති උනාම ඔහොම දේවල් නොවී තියේවියැ....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...